මුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් අද (18) පස්වරුවේදී පාර්ලිමේන්තුවේ කතානායකවරයාට යැවීමට කරන්දෙණියේ තරුණ පිරිසක් කටයුතු කළේය.
අපේ දහම් පදනමේ නිර්මාතෘ හා සභාපති සමන් ප්‍රියන්ත විජේවිකම මහතා ඇතුලු පිරිසක් මෙම මනි ඕඩරය යොමු කළේය.
ඔවුහු අද (18) පස්වරුවේදී කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට පැමිණ තමන් ළග තිබූ මුදල් එකතු කොට අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ලැබීම සදහා ඔවුහු පාර්ලිමේන්තුවට මේ මුදල් මනිඕඩර් ක්‍රමයට යැවීමට මෙහිදී පියවර ගත්හ.
රුපියල් තුන්සීයක් මුදල් පසුම්භියේ නොමැතිකම නිසා ගුවන් තොටුපොලේ අහිංසක පොටර්වරයෙක් කණ පලාගත් බවත් මෙය නොවිය යුත්තක් නිසා ප්‍රසන්න රණවීර මහතාට මේ මුදල යැව්වේ පෝටර්වරයාට එය ලබාදීමට බව මේ කාර්යය සදහා එක්වූ සමන් විජේවිකම මහතා කීය.